ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක්  -16ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක් -16ක් ජීවිතක්ෂයට

December 22, 2025   02:17 pm

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් අනතුරු සිදුව ඇති බව සඳහන් වේ.

අනතුරින් පුද්ගලයින් 06දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් 10දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබු 13දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.