දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත්  නායයෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන

December 20, 2025   06:30 pm

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටී.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

බදුල්ල දිස්ත්‍රික්කය:
- බදුල්ල
- ⁠සොරණාතොට 
- ⁠හාලි ඇල
- ⁠පස්සර
- ⁠ලුණුගල 
- ⁠මීගහකිවුල 
- ⁠කන්දකැටිය

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠ගඟවට කෝරළය
- ⁠පාතහේවාහැට
- ⁠අකුරණ
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ
- ⁠උඩුනුවර 
- ⁠දෙල්තොට
- ⁠පාතදුම්බර
- ⁠පන්විල⁠
- ⁠උඩපළාත
- ⁠ගඟ ඉහළ කෝරලේ 

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- ⁠නුවරඑළිය