යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ගැන චෝදනා රුසියානු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
December 20, 2025 05:56 pm
තම රට බටහිර රටවල අවශ්‍යතාවලට ගරු කරන ආකාරයෙන් ඔවුන් ද තම රට සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් රුසියාවට තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග සඳහා යොමුවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.
එලෙස කටයුතු කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් යුක්රේනයෙන් පසු යුදමය තත්ත්වයන් සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවක් තම රටට නොමැති බව ද ඔහු සඳහන් කළේය.
රුසියාව විසින් යුරෝපා රටවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ බව සඳහන් කර තිබුණි.
රූපවාහිනී වැඩසටනකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබූ අතර පැය 04කුත් මිනිත්තු 30ක පමණ කාලයක් පැවති එම වැඩසටහනේ දී පුටින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්න මිලියන 02ක් පමණ ලැබී තිබූ බව සංවිධායකවරුන් ප්‍රකාශ කර ඇත.
