අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්
December 18, 2025 08:07 am
දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් ඊයේ (17) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් අදාළ පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවට සිදුකළ වැඩිදුර විමර්ශනලදී අනාවරණ වී තිබේ.
