header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුවක්
Dec 17, 202501:08 PM
පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුවක්
Mobitel 1278

පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

කටුනායක පොලීසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක්කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.

පෙත්සම්කරුවන් කියා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි මස 10 වනදා මිනුවන්ගොඩ පිහිටි හෝටලය අසල රිය අනතුරක් සිදුවී තිබෙනු තමන් දුටු බවත් එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු "වෙඩි තියන්න එපා" යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවය.

එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බව සඳහන් කළ පෙත්සම්කරුවන් එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර ඇති කටුනායක පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයෙකු බවත් ප්‍රකාශ කර තිබේ.

පසුව තමන් සිදුවූ දේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනිඅවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල්වලට තුවාල සිදුවී ඇති බවය.

අනෙක් පුද්ගලයාට ද වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්ය.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

නඩු විභාගය පැවති අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පළමුවන වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් එම නිසා ඔහු පොලිස් නිලධාරියකු වශයෙන් පෙත්සම්කරුවන් හඳුනාගත්තේ කෙසේද? යන බරපතළ සැකයක් මතුවන බව සඳහන් කර සිටියාය.

එම නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ පුද්ගලයා සිදුකළ ක්‍රියාවේ වගකීම රජයට දැරිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එහෙත් සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ" රජයේ නීතිඥවරිය විසින් මතු කළ තර්කය අධිකරණය බැහැර කරනවා. පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම රාජකාරියේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව සඳහන්ව තිබෙනවා. එමෙන්ම ඔහු විසින් භාවිත කළ ගිනි අවිය කටුනායක පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවියක් බවටත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියකු බව ඔහු පෙත්සම්කරුවන්ට සඳහන් කර තිබෙනවා. ඔහුගේ හැඳුනුම්පතත් පෙන්වා තිබෙනවා. එම නිසා පෙත්සම්කරුවන් මෙම වග උත්තරකරු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු සැකයක් මතු වෙන්නේ නැහැ. මෙම පෙත්සංකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔවුන් පහරදීම නිසා තුවාල වලට ලක්වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත පැවරී තිබෙන බලය අවභාවිතා කර තිබෙන බව පැහැදිලියි. ඒ නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටියත් ඔහු කළ ක්‍රියාවේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි. පළමු වන වගඋත්තරකරු මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව විදේශගතව සිටින බවට විභාගයේදී කරුණු අනාවරණය වුණා.එහෙත් ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් රජය වගකීමට බැඳී සිටියි" යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම පෙත්සම්කරුවන්ට සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ඔවුන්ට රුපියල් 10000/- බැගින් වන්දි ගෙවිය යුතු බවටත් නියෝග කළේය.

එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana