
යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් ගෙනැවිත් ඇත.
මෙම ආධාර රැගත් බෝයිං - 747 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.







































