තුර්කි ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට සූදානම් වෙයි
December 16, 2025 11:38 pm
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගී ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.
මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන්ය
මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
තුර්කි ගුවන් සේවයට අයත් එයාර් බස් 'A330' දරන මෙම ගුවන් යානය ඉන්ධන දහනය කරමින්, හලාවතට ඉහළ අහසේ පියාසර කරමින් තිබේ.
