රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ
December 16, 2025 10:30 pm
රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 02ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති බවය.
ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 3884ක් මුළු ජල ප්‍රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් අසල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
