ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්
December 16, 2025 09:47 pm
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රධාන සිදුකරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි අද (16) ප්‍රකාශ කළේය.
මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා ශ්‍රී ලංකායේ ක්‍රියාත්මක වන වැඩපිළිවල සඳහා යොදා ගැනීමට නියමිතය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන විදේශ අමාත්‍ය මොටෙගි මහතා සඳහන් කළේ, දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදීම ජපානයේ අරමුණ බවය.
