header logo
SLIC
උණුසුම් පුවත්
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්
Dec 16, 202509:00 PM
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්
EDEX

උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.

"මේ උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. පන්දහසේ නෝට්ටුව වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රන වුණු අවස්ථා වාර්තා වෙනවා. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට අරගෙන තියෙනවා. 2025 වසරේදී 5000 නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලීසිය භාරයට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 06ක්. 2025 වසරේ නෝට්ටු දෙකක්. 2024 වසරේ රුපියල් 1000 නෝට්ටු 561ක්. 2025 වසරේ රුපියල් 1000 නෝට්ටු 401ක්. 2024 වසරේදී රුපියල් 500 නෝට්ටු 193ක්. 2025 වසරේදී රුපියල් 500 නෝට්ටු 109ක් ආදී වශයෙන් සංසරණය වෙලා තියෙනවා. අපි මතක් කරනවා සැකසහිත නෝට්ටුවක් පිළිබඳව ඔබගේ හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය වාර්තා කළ යුතුයි."

මේ අතර ඉදිරි උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට