ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට

ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට

December 16, 2025   07:53 pm

ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත පිළිගන්වා තිබේ.

විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව මගින් සකසන ලද ප්‍රතිපත්ති කෙටුම්පත මෙලෙස බලශක්ති අමාත්‍යවරයා වෙත පිළිගන්වා ඇති බව සඳහන්ය.

2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර තිබේ.   

ඉදිරියේදී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියකටද යොමු කිරීමට සැලසුම් කර අතර ඉන් පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිතය.