ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

December 16, 2025   07:09 pm

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එමෙන්ම එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.