ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
December 15, 2025 10:26 pm
ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම අද (15) රාත්‍රියේ දී මෙරටින් නියමිත බව වාර්තා වෙයි.
ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි.
සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින් මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිතකල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ තදාසන්න ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්භන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමට ඇතුළත්ය.
මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීන් ඇතුළු කණ්ඩායමක් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ මුණගැසිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන සත්කාර සිදුකිරීම සඳජහා පැමිණි පළමු හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම මෙම කණ්ඩායම වන බවත් ඔවුන් විසින් විශිෂ්ට සුව සේවාවක් ලබා දුන්බව ද පැවසීය.
දින දහයකට අධික කාලයක් මෙරට රැඳී සිට ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළුව රජයේ කෘතවේදීත්වය ජපන් රජයටත් එහි ජනතාවටත් පලකරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.
ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා ද මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් විශිෂ්ට නායකත්වයත්, සහයෝගයත් ශ්‍රී ලංකාවේ ආපදාවන්ට ලක්ව සිටි ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වු බවත්, ඒ වෙනුවෙන් තම කණ්ඩායමේ කෘතඥතාවය පළකරන බව ද පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව තවත් වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස තමන් මෙම වැඩපිළිවෙල දකින බවත් පැවසීය.
