header logo
SLIC
උණුසුම් පුවත්
ආපදා හමුවේ ගොවිබිම් දහස් ගණනක් විනාශයි - ගොවින්ගෙන් බලධාරීන්ට චෝදනා
Dec 15, 202501:44 PM
ආපදා හමුවේ ගොවිබිම් දහස් ගණනක් විනාශයි - ගොවින්ගෙන් බලධාරීන්ට චෝදනා
EDEX

ආපදා හමුවේ විශාල වශයෙන් විනාශ වූ ගොවි බිම් යළි සැකසීම අද වනවිට ගොවිජනතාවට විශාල අභියෝගයක් වී තිබේ.

සති කිහිපයකට පෙර පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අඹන්ගඟ පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් විනාශයට පත්වුණි.

මේ හේතුවෙන් දිග්ගල්පිටිය, අන්ගම්මෙඩිල්ල, කලාගල, පරාක්‍රම සමුද්‍ර, දකුණු ඉවුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබේ.

ගොවීන් පවසන්නේ, විනාශවූ වගාබිම් පරීක්ෂා කිරීමට කිසිදු බලධාරියෙක් මෙතෙක් නොපැමිණි බවයි.‍

එහිදී ගොවීන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේය.

"අක්කර දහස් ගාණක් එක දිගටම මේ ගං වතුරෙන් කඩා ගෙන ගියා. මහවැලි ගඟේ වැලි ගොඩ දානවට වඩා වැලි තියෙනවා. මේවා අතින් අදින්න බෑ. නමුත් දැන් බලන්න එන කෙනෙක් නෑ"

මේ අතර, මහවැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ කුඹුරුවලට ද විශාල වශයෙන් බලපෑමක් එල්ල වී තිබේ.

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු අක්කර 1888කට පමණ ආපදා හමුවේ හානි සිදුව ඇති බව 'අද දෙරණ' වාර්තා සඳහන් කරයි.

"කුඹුරු කරගන්න බැරි තත්ත්වෙකට කුඹුරු කැඩිලා, බිඳිලා, හෑරිලා වැලි පිරිලා තියෙන්නේ "

"රජයෙන් වාහන දීලා මේ වැලි එක තැනකට ගොඩ කරලා අපිට මේ බිම නැවත වගාකර ගැනීමට පුළුවන් බිමක් ලෙස සකසා දෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා"

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතර ජනතාව කෘෂිකර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වා ගැනීමට උපකාරී වන මුරපොළ මහාවාරි ව්‍යාපෘතිය ද විනාශ වී ඇත.

ගොවි ජනපද 13ක යලමහ යන කන්න දෙකම සරුසාර කළ මෙම වාරි ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශවීමෙන් ගොවි ජනතාව විශාල ගැටලුවකට පත්ව සිටින් බව සඳහන් වෙයි.

https://youtu.be/JgF8U7wzKeo
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට