විපතට පත් ජනතාවට සහන සලසන්න රුපියල් බිලියන 13ක්
December 13, 2025 08:28 pm
ආපදා නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් සමස්ථයක් ලෙස ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
සහන වැඩපිළිවෙලට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ථ මුදල සහන සැලසීමට ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ජීවිතය යථාවත් කිරීමට සහ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට සහයෝගය දැක්වීම සඳහා මෙම මුදල් යොදවා ඇති බවය.
ආපදා නිසා විපතට පත් ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආධාර උපකාර, උපකරණ මෙන්ම මුදල් පරිත්‍යාග ද නන්දෙසින් ලැබෙන බව සඳහන් කළ ලේකම්වරයා සියල්ලගෙන් ලැබෙන මෙම සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කර සිටියේය.
මෙම සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් එම සහන ජනතාවට, පුරවැසියන්ට, ප්‍රදේශයන්ට ලබා දීම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එහිදී ඒ මහතා අවධාරණය කළේය.
අමෙරිකාවේ ස්ටාලින්ක් ආයතනය විසින් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව කර ගැනීමට සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාලින්ක් යුනිට් 100ක් පරිත්‍යාග කර ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
