දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් රතු නිවේදන

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් රතු නිවේදන

December 13, 2025   08:16 pm

නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (13) පස්වරු 04.00 දක්වා බලාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, පන්විල, සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තවදුරටත් ඉවත් වන ලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හපුතලේ, හාලිඇල, කන්දෙකැටිය, පස්සර, මීගහකිවුල, ඌවපරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට, හල්දුම්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, පාතහේවාහැට, අකුරණ, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගේ කොරළය, හතරලියද්ද, කුණ්ඩසාලේ, උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, වරකාපොල, මාවනැල්ල, රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, මල්ලවපිටිය, මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව කෝරලේ, තලවකැලේ, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, වලපනේ, හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ගොඩකවෙල, ⁠කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙසත් දැනුම් දී තිබේ.

තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ලෙ, රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම, බලංගොඩ, කලවාන, ඉඹුල්පෙ, නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.