ඉන්දීය මහ කොමසාරිස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදකී
December 13, 2025 10:08 am
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ඊයේ (12) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එහිදී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ද සඳහන් කළේ, ශ්‍රී ලංකාව යම්කිසි ගැටලුවකට මුහුණදුන් ඕනෑම අවස්ථාවක ඉන්දියාව ක්ෂණිකව ක්‍රියාත්මක වී අවශ්‍ය සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් තම කෘතඥතාව පළ කරන බවය.
පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සංතෝෂ් ජා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය මෙම අවස්ථාවේ ඉන්දියාව ඉතාමත් උවමනාවෙන් ඒ සඳහා මැදිහත්ව අවශ්‍ය සහයෝගය ලබාදෙන බවය.
ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම වේලාවක සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවට ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී. සාරන්යා මහත්මියද සහභාගී විය.
