ෆේස්බුක් සාදයක් වටලා 26ක් අත්අඩංගුවට
December 13, 2025 06:44 am
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි.
තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට ඇති අතර අද (13) අලුයම් කාලයේදී වැටලීම සිදුකර තිබුණි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් සමග සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වෙයි.
සැකකරුවන් හා සැකකාරියන් අද දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
