
ගැටුම් හේතුවෙන් බලපෑමකට ලක්වූ ගාසා තීරයේ පුද්ගලයින් ලක්ෂ 08කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අධික වර්ෂාපතනය හේතුවෙන් කඳවුරුවල රැදී සිටින ගාසා වැසියන් දැඩි දුෂ්කතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ගාසා තීරයේ පැවති ගැටුම් හේතුවෙන් පිරිසක් අවතැන් වු ළමුන් ඇතුළු පුද්ගලයින් දහස් ගණනක පිරිසක් තාවකාලික කඳවුරුවල රැදී සිටින බව ද සඳහන්.
විශේෂයෙන් කඳවුරුවල සිටින ළමුන් පවතින ශීතාධික හා වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.







































