කොලොන්න ප්‍රා. සභාවේ අයවැය මාලිමාව දෙවන වරටත් පරාදයි
December 10, 2025 11:25 am
ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (10) පරාජයට පත්ව තිබේ.
මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයට ඡන්ද 9ක් හිමිව ඇති අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිව ඇත.
අද සභාව රැස්වීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය මත පුටු මාරු කිරීමක් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.
ඒ අනුව රැස්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස හිටගෙනම ඡන්ද විමසීමට සහභාගී වී තිබුණි.
