කිවියන්ට එරෙහිව කොදෙව්වන්ගෙන් ගෞරවාන්විත සටනක්
December 6, 2025 12:37 pm
ජස්ටින් ග්‍රීව්ස්ගේ අතිවිශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන්කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායමට හැකිවිය.
ක්රයිස්චර්ච්හිදී අද (6) අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 231/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස කොදෙව්වන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 167/10ක් පමණි.
ලකුණු 64ක් ඉදිරියෙන් දෙවන ඉනිම ඇරඹූ නවසීලන්තය එවර සිය ඉනිම ලකුණු 466/8ක් දක්වා ඔසවා තබා අත්හිටුවීය.
ඒ අනුව කොදෙව්වන්ට ලකුණු 531ක ඉලක්කයක් හිමිවිය.
ඊට පිළිතුරු ලෙස ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 457ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව කඩුලු 4ක් අතැතිව ජයග්‍රණයට ලකුණු 74ක් පසුපසින් සිටියදී දිනයට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසන් විය.
අද දිනට තරගය ආරම්භ කරන විට කොදෙව්වෝ කඩුලු 4ක් දැවී ලකුණු 212ක් රැස්කරගෙන සිටියේය.
එහෙත් මුලු ලකුණු 277ක් වනවිට ඔවුන්ගෙන් තවත් කඩුලු 2ක් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකිවිය.
කෙසේ නමුත් 7වන කඩුල්ලට එක්වූ ජස්ටින් ග්‍රීව්ස් හා කෙමාර් රොච් නොබිඳුණු ලකුණු 180ක සබඳතාවක් ගොඩනගා කොදෙව් ඉනිම ආරක්ෂා කළේය.
එහිදී වාර්තාගත ද්ව්ත්ව ශතකයක් (නොදැවී 202) රැස්කිරීමට ග්‍රීව්ස් සමත් විය.
එය ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිව්වන ඉනිමේදී පිතිකරුවෙකු රැස්කළ 7වන ද්විත්ව ශතකය වේ.
එමෙන්ම එවැනි දස්කමක් දැක්වූ 4වන කොදෙව් පිතිකරුවා ඔහුය.
මෙහිදී ග්රීව්ස්ට අගනා සහායක් දුන් වේගපන්දු යවන්නෙකු වූ රොච් නොදැවී ලකුණු 58ක් රැස්කරගෙන සිටියේය.
නම්දැරූ වේගපන්දු යවන්නෙකු වන ඔහු වසර 16ක ටෙස්ට් පිටියේ රැස්කළ පළමු අර්ධ ශතකයද විය.
මෙම තරගාවලිය තරග 3කින් සමන්විත වේ.
