ගොවිපල ඇතුළු සත්ත්ව පාලන ක්ෂේත්‍රයට  අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්

ගොවිපල ඇතුළු සත්ත්ව පාලන ක්ෂේත්‍රයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්

December 5, 2025   04:15 pm

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් කේ.කේ සරත් මහතා පැවසුවේ සත්ත්ව ක්ෂේත්‍රයට සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරු වාර්තා වී නොමැති බවය.

මේ හේතුවෙන් යම් ගොවිපලකට හානි සිදුව ඇත්නම් ප්‍රදේශයේ පශූ වෛද්‍ය කාර්යාලයට කඩිනමින් දැනුම්දෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලීමක් කර තිබේ.

මේ අතර මෙම කාලය තුළ සත්ත් මාංශ මිලදී ගැනීමේදී දැඩි සැළකිල්ලක් දක්වන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.කේ සරත් මහතා පවසයි.