ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අයෙක් අත්අඩංගුවට
December 5, 2025 10:19 am
ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
