වසා තිබූ මාර්ග 159ක් යළි ඇරෙයි - කඩුවෙල අන්තර් හුවමාරුවේ ගමනාගමනයත් සාමාන්‍ය පරිදි

වසා තිබූ මාර්ග 159ක් යළි ඇරෙයි - කඩුවෙල අන්තර් හුවමාරුවේ ගමනාගමනයත් සාමාන්‍ය පරිදි

December 3, 2025   12:03 pm

පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කර ඇත.

මේ අතර ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද අද වනවිට විවෘත කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ග 5ක් යළි විවෘත කළ ප්‍රධාන මාර්ග අතර වේ.

A-004 - කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය

A-026 - මහනුවර - මහියංගනය - පදියතලාව මාර්ගය

AA-006 - අබේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගය

AA-010 - කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය

AA- 003 පෑලියගොඩ - පුත්තලම මාර්ගය ඇතුළු තවත් ප්‍රධාන ගණනාවක් මේ අතරට ඇතුළත් වේ.

මේ වනවිටත් ආපදා තත්ත්වය සමඟ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීම, මාර්ග ආරක්ෂාව සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල අඛණ්ඩව දිවා රාත්‍රී නොබලමින් කටයුතු කරමින් සිටී.

මේ අතර ආපදා හේතුවෙන් දැනට වසා දමා ඇති මාර්ග කඩිනමින් විවෘත කරන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ආපදා තත්ත්වයෙන් පසු ගමනාගමනය සඳහා විවෘතව ඇති මාර්ග මෙන්න by poornima