ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
December 1, 2025 11:47 am
ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.
අද (01) මහනුරව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවය.
දායකත්වය දැක්විය හැකි පිරිසට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 - 2001-0010 2599 අංකය දරණ ගිණුමට මුදල් බැර කරමින් තමන්ගේ දායකත්වයට දැක්විය හැකි අතර විදෙස් ගතව සිටින පිරිසට ද SWIFT code - PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
"මල්වතු අස්ගිරි උභය මහාවිහාරයත් දළදා මාලිගාවත් එකතුවෙලා සමාජ සුබසාධන අරමුදලක් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරලා ගිණුමක් ආරම්භ කලා. මෙම ව්‍යවසනයට මුහුණ දුන් ජනතාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව පිහිට වීම සඳහා. නිවාස අහිම වූ අය සඳහාත් යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කර ගත්තා."
"ඒ සඳහා මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුමක් ආරම්භ කළා සමාජ සුබසාධන අරමුදල නමින්. 003 - 2001-0010 2599 ගිණුම් අංකයත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා SWIFT code - PSBKLKIX කෝඩ් එක පාවිච්චි කරමින් අපි මේ අරමුදල ආරම්භ කරලා තියෙනවා."
"අපි මේ අරමුදල ඇති කරලා තියෙන්නේ විනිවිදභාවයක් ඇතිව. ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට අපි මේ අරමුදල විගණනයට භාජනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මෙහි විනිවිදභාවයත් අපි ස්ථිර කරලා තියෙන්නේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ ප්‍රජා සත්කාරය සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා."
