ආධාර බෙදන්න යද්දි පරිස්සමින්
December 1, 2025 11:44 am
පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඒ හරහා පරිත්‍යාග බෙදාහැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රසන්න ගිනිගේ මහතා ඉල්ලීමක් කරයි.
අද දෙරණ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පරිත්‍යාගශීලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීමක් වන බැවින් මෙන්ම ඍජුව ආධාර බෙදා හැරීමට යෑමේදී යම් අනතුරකට ලක්විය හැකි බැවින් මෙලෙස පරිත්යාගශීලින්ව දැනුවත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් 397කට අයත් පවුල් 63,047ක පුද්ගලයින් 246,359ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ පීඩාවට පත්ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු ආපදා හේතුවෙන් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ද පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා මේ වනවිට නිවාස 6කට සම්පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 1,187කට අර්ධ හානි සිදුව ඇතැයි ද පැවසීය.
මේ අතර, පුද්ගලයින් 20,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බව ද ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
