දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්
December 1, 2025 06:35 am
ප්රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
ඒ අනුව ප්රධාන දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා හා අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා පමණක් අදාළ දුම්රියන් ගමන් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.
මීට අමතරව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ගමන් කිරීමට නියමිත අතර අදාළ දුම්රියන් කොළඹ කොටුව සිට මීගමුව කොච්චිකඩේ දක්වා සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් ද ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
