header logo
SLIC
උණුසුම් පුවත්
ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක්
Nov 30, 202512:18 AM
ජනපති සහ ලංකා වාණිජ මණ්ඩලය අතර හමුවක්
EDEX

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග අද (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ අතර එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද අවධානය යොමු කළේය.

එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමින් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

සංචාරක, ගුවන්තොටුපොළ, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදි ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර ආපදා තත්ත්වය පහව යාමත් සමග රට තුළ විදුලිබලය, පානීය ජල සැපයුම යථාවත් කිරීම මෙන්ම මහා මාර්ග, පාලම් ඇතුළු තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනයට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට