යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යටවෙයි - පියා මරුට

යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යටවෙයි - පියා මරුට

November 28, 2025   03:28 pm

අධික සුළං සමඟ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යට වී ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ දී අද (28) උදෑසන එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මතට මුරුංගා ගසක අත්තක් කඩා වැටී ඇති බව 'අද දෙරණ' වාර්තාකරු සඳහන් කළේය.

අනතුරට ලක්වූවන් කඩිනමින් බේරා ගෙන රෝහල් ගෙන ගොස් ඇති අතර පසුව පියා මියගොස් ඇත.

තුවාල ලැබූ මව දියණිය සහ පුත්‍රයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.