මනුසත් දෙරණ සහන සේවා ක්‍රියාන්විතය ඔබ වෙනුවෙන්ම දැන් ක්‍රියාත්මකයි

මනුසත් දෙරණ සහන සේවා ක්‍රියාන්විතය ඔබ වෙනුවෙන්ම දැන් ක්‍රියාත්මකයි

November 28, 2025   01:46 pm

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම ක්‍රියාන්විතය සඳහා ඔබටත් වියලි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් දායක විය හැකිය.

ඒ අනුව අංක 320 ටී.බී ජයා මාවත, කොළඹ 10 පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය  වෙත හෝ අංක 45,6 අල්විස් පෙදෙස කොළඹ 3 පිහිටි Triad ආයතනය වෙත මෙම පරිත්‍යාගයන් සිදු කිරීමේ හැකියාව තිබේ.

මේ සඳහා වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 070 10 10 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.