කොළඹටත් ආපදා - මාර්ග රැසක් අවහිරයි
November 28, 2025 11:21 am
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මේ වනවිට මාර්ග කිහිපයක ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් වාර්තා වන බවය.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලීසිය දැනුම් දෙයි.
මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග පහතින්,
* ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටිපොළ මාවතේ
*ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නයේ
*ඇල්විටිගල මාවත
*රැජින පාර හන්දිය
*කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල
