කලා වැවේ පාලම මත සිරවී තිබෙන බස් රථය ජලයෙන් පිරෙයි

කලා වැවේ පාලම මත සිරවී තිබෙන බස් රථය ජලයෙන් පිරෙයි

November 28, 2025   10:31 am

මගීන් 70ක් සමඟ කලා වැවේ පාලම මත සිරවූ බස් රථය තුළ සිටින මගීන්ගේ ඉනවටක් ජලය පිරී ඇතැයි අනාවරණය වේ.

එහි සිටින මගියෙකු 'අද දෙරණ' ට පවසා සිටියේ, නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවය.

"කිසිම කෙනෙක් ආවේ නෑ...පැය එක හමාරක් හැමතැනටම කතා කරා"

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතර වී තිබේ.

පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.