භාෂා පරිවර්තක තරග විභාගය දින නියමයක් නොමැතිව කල්යයි

භාෂා පරිවර්තක තරග විභාගය දින නියමයක් නොමැතිව කල්යයි

November 27, 2025   02:23 pm

හෙට (28) දිනයේ සහ 30 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

ඉදිරියේ දී විභාගය පැවැත්වෙන දින පිළිබඳව විභාග අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද එහි සඳහන් වේ.