සයුරෙන් එතෙර
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවමක්
November 26, 2025 02:58 pm
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇත.
ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීලියාහි සිරකුටියක සිරගතකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
