පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

November 26, 2025   09:28 am

නායයෑමක් හේතුවෙන් වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යළි විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේදී වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කඳු හා ගල්පෙරළීමෙන් පසුගිය සෙනසුරාදා අනතුරක් සිදුවිය.

එහිදී පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව මාර්ගයේ ගමන් කිරීමේ දී පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙනතුරු නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණි.

ඒ අනුව දින 3කට පසුව අද පෙරවරුවේ මාර්ගයේ එක්මන්තීරුවක් යළි විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා අද දෙරණට සඳහන් කළේය.

මේ අතර පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගයට ගල් පෙරලු ස්ථානයේ පවතින අවධානම් සහිත අනෙකුත් ගල් ඉවත් කිරීමේ කටයුතු එළඹෙන 29වනදා යළි ආරම්භ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේය.