ට්‍රම්ප් චීන සංචාරයකට සැරසෙයි
සයුරෙන් එතෙර

ට්‍රම්ප් චීන සංචාරයකට සැරසෙයි

November 26, 2025   07:47 am

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ චීන ජනාධිපති ෂි ජින්පින් සමඟ සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවය.

ලබන වසරේ අගභාගයේදී චීන ජනාධිපති ෂී ජින්පින්ට රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට ආරාධනා කර ඇති බවද සඳහන් වේ.

මෙම දුරකථන සංවාදයෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ "චීනය සමඟ අපගේ සම්බන්ධතාවය අතිශයින්ම ශක්තිමත්'' බවය.

දෙරටේ නායකයින් ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේ බුසාන්හිදී හමුවූ අතර, පසුව ඔවුන් තීරුබදු පැනවීම පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබුණි.