පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානට දරුණු ප්‍රහාරයක් - මියගිය පිරිස අතුරින් 9ක් ළමුන්
November 25, 2025 04:15 pm
ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මියගිය පිරිස අතර ළමුන් නවදෙනෙකු සිටින බව තලේබාන් රජය ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වේ.
