රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

November 25, 2025   03:44 pm

රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී යුක්‍රේනය ඩ්‍රෝන යානා 249 බිම හෙළීමට පියවර ගත් බව ද රුසියානු ආරක්ෂක අංශ මාධ්‍යට ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවාස 12 කට ද හානි සිදුවී ඇති බව වැඩිදුර සදහන් වෙයි.