ජනපතිගේ ජන්ම දිනයට සෙත්පතා ආශිර්වාද පුජාවක්
November 24, 2025 09:56 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අදට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් ආශිර්වාද පතා අද (24) සවස කොළඹ ජින්තුපිටිය සිව සුබ්‍රමණියම් කෝවිලේ දී විශේෂ ආශිර්වාද පුජාවක් පැවැත්වුණි.
ඒ සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු කොළඹ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහභාගි වී සිටියහ.
