තවත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

තවත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

November 24, 2025   09:27 pm

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත වී තිබේ.

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 08 වන  දිනය වන අද (24) විවාදයට ගැනුණි.

එහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ  නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.