මාධ්‍ය මර්දන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි
November 24, 2025 02:47 pm
අරුණ පුවත්පතේ පළ වූ පුවතක් පදනම් කරගනිමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිළිකුල රජය වෙත පළ කර තිබේ.
එම සංගමයේ සහභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මාධ්‍ය මර්දනය වහා නවතා විසංවාදය අගයන, මාධ්‍ය නිදහසට බාධාවක් නොවන මාර්ගයක් වෙත රාජ්‍ය පාලනය හසුරවන ලෙස වර්තමාන මාලිමා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවය.
ලංකාවේ ජනමාධ්‍ය වෙත මුදාහරින මෙම මර්දනය රටේ සමස්ත ජනතාව වෙතද මුදාහැරීමට වත්මන් රජය පසුබට නොවනු ඇති බව තම විශ්වාසය වන බැවින් මේ මොහොතේ මෙම මාධ්‍ය මර්දන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි භාෂණයේ හා ප්රකාශනයේ නිදහස අගයන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

