සයුරෙන් එතෙර
ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර දිවිගමනට සමුදෙයි
November 24, 2025 02:22 pm
ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර අද (24) දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු විය.
මුම්බායි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව ඉන්දීය පුවත් පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද ඔහු රෝහල් ගත කර තිබුණි.
එළැඹෙන දෙසැම්බර් 8 වන දිනට ඔහුට අවුරුදු 90 ක් සපිරෙන බව සඳහන් වේ.
1960 දී "දිල් බි තේරා හම් බි තේරේ" සමඟින් සිය මංගල දර්ශනය ආරම්භ කළ ධර්මේන්ද්‍ර, 1960 දශකයේ අන්පාද්, බන්දිනි, අනුපමා සහ ආයා සවන් ජූම් කේ වැනි චිත්‍රපටවලින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
පසුව ඔහු ෂෝලේ, ධරම් වීර්, චුප්කේ චුප්කේ, මේරා ගාඕන් මේරා දේශ් සහ ඩ්‍රීම් ගර්ල් හි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට සමත් විය.
ධර්මේන්ද්‍ර අවසන් වරට පෙනී සිටියේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිටි සැනොන් රඟපෑ Teri Baaton Mein Aisa Uljha Jiya චිත්‍රපටයේය.
ඔහුගේ මීළඟට තිරගත වීමටනියමිත සිනමා පටය වන්නේ අමිතාබ් බච්චන්ගේ මුනුබුරා වන අගස්ත්‍ය නන්දා ප්‍රධාන චරිතය රඟදක්වන "ඉකිස්" චිත්‍රපටයයි .
චිත්‍රපටිය දෙසැම්බර් 25 වනදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.
