සුදු ඉර මත දී පදිකයෙකුට මරු කැඳවූ අනතුර
November 24, 2025 01:56 pm
පොළොන්නරුව, හබරණ මඩකලපුව මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ පදික මාරුවකින් ගමන් කළ පදිකයෙකු වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 60ක පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වැඩිදුර සඳහන්ය.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
