පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
November 24, 2025 08:48 am
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන සූරියආර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
