ශ්‍රී ලංකාවට අවසන් සටනේ සිහිනය බොඳවෙයි
November 21, 2025 11:35 pm
'ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට සිදුවිය.
ඒ අද (21) පැවති තීරණාත්මක තරගයේ දී පාකිස්තාන 'A' කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්ය.
මෙහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණි.
ශ්‍රී ලංකාව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් තරගයේ 4 (3.2)වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී කඩුලු 2ක් දැවී ලකුණු 45ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියේය.
කෙසේ නමුත් අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා ඉනිම කඩාවැටුණු අතර, ඒ හේතුවෙන් එක් අවස්ථාවක ලකුණු පුවරුව දැක්වූයේ 14(13.2) පන්දුවාරය ක්‍රීඩාකරද්දී ලකුණු 99ට කඩුලු 8ක් බිඳවැටෙන තරමට අසරණ වී තිබුණි.
ඒ අතරවාරයේ 9වන කඩුල්ලට මිලාන් රත්නායක හා ට්‍රැවීන් මැතිව් ලකුණු 47ක සබඳතාවක් පවත්වා යළි ශ්‍රී ලංකා බලාපොරෝත්තු ඔසවා තැබූහ.
ඒ හේතුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 15ක් රැස්කරන තරමට ඉලක්කයට ශ්‍රී ලංකාව ළංවිය.
එම පන්දුවාරයේ දී හතරේ පහරක්ද එල්ල කළ මිලාන්, පන්දු 4කින් ලකුණු 8ක් රැස්කරන තරමට ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ජය දෙසට තල්ලු කළේය.
කෙසේ නමුත් කඩුල්ල මුවාකිරීමේ මතභේදාත්මක විනිසුරු තීරණයකින් ඒ වනවිට පන්දු 32කින් ලකුණු 40ක් රැස්කරගෙන සිටි මිලාන්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
එම විනිසුරු තීරණය ක්‍රියාත්මක නොවුණානම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.
අද පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.
ඒ අනුව පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතය.
