පකිස්තානයේ කම්හලක පිපිරීමක් - 15 මරුට

පකිස්තානයේ කම්හලක පිපිරීමක් - 15 මරුට

November 21, 2025   04:06 pm

නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක අද (21) බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7දෙනෙකුට තුවාල සිදුව තිබේ.

පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බව සඳහන්ය.

සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත. 

පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා හිමිකරු සොයා විමර්ශන සිදු කෙරෙන බව එරට පොලීසිය මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.