පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි දිනකට 25ක්
November 20, 2025 01:18 pm
දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තු අයවැය විවාදයට එක් වෙමින් පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා සඳහන් කළේය.
එහිදී, උතුරු පළාතේ 2020 වර්ෂයේ සයිබර් අපරාධ 24ක් , 2021 වසරේ දී 577ක්, 2022 වසරේ දී 654ක්, 2023 වසරේ දී 472ක්, 2024 වසරේ දී 1,539ක් ලෙස පැමිණි වාර්තා වූ බව ද අමාත්‍යවරයා පැවසීය.
2025 ඔක්තොබර් 31 දක්වා සයිබර් අපරාධ පිළිබඳව වාර්තාවීම් 2,368ක් වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
එලෙසම රට තුළ බොහෝ දිස්ත්‍රික්කයන්හි පොලිස් මූලස්ථාන මූලිකව අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිගණක අපරාධ උප ඒකකයන් ආරම්භ කර ඇති බවද එතුමා අනාවරණය කළේය.
