මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් - පැය 2න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි
November 19, 2025 03:11 pm
මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.
තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.
මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි.
