රුසියාව සහ ඉන්දියාව අතර විශේෂ සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

රුසියාව සහ ඉන්දියාව අතර විශේෂ සාකච්ඡාවක්

November 18, 2025   02:59 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් නිල සංචාරයක් අරඹමින් රුසියාවට පැමිණ තිබේ.

ඔහු එලෙස රුසියාවේ සංචාරයක නිරත වී සිටින්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දියාවේ සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටින පසුබිමකය.

මොස්කව් වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවූ බව වාර්තා වෙයි.

ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන සම්බන්ධීකරණය සහ ප්‍රධාන කලාපීය වර්ධනයන් ආවරණය වන පරිදි එම සාකච්ඡා පවත්වා ඇතැයි ද සඳහන් ය.