header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ත්‍රිකුණාමලය රත් කළ බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
Nov 18, 202501:33 PM
ත්‍රිකුණාමලය රත් කළ බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
Mobitel 1278

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සිදුවීම්දාමයක එක් තැනකින් වෙන්කර එතැන් සිට ප්‍රශ්න කිරීමේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් විකෘති ස්වභාවයක් ඇති විය හැකි බවය.

"අලුත් අලුත් සිදුවීම් අවශ්‍ය නෑ...බුදුපිළිම වහන්සේට හානි කිරීමම මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්න පුළුවන්...ඒකට අවස්ථාව පාදන්න එපා...ඒකට පෙට්‍රල් දාලා අවුළුවන්න එපා." යනුවෙන් ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අදාළ සිදුවීමේ දී ස්වාමීන් වහන්සේලාට පොලීසිය විසින් සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවෙන ආකාරයට හෝ සාමය කඩවෙන ආකාරයේ කටයුතුවලට පොලීසිය ඉඩදෙන්නේ නෑ. තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීමට කෙටි කාලීන අවසරයක් ලබාදීලා තිබුණා යම් යම් නිර්ණායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරතුරේ තමා බුදුපිළිම වහන්සේ මෙතැනට වැඩම කරවලා තියෙන්නේ.

අපේ රටේ ඉතිහාසයකුත් තියෙනවා බුදුම පිළිම වහන්සේ නමකට හානි කළ පසු ඒ තුළින් ඇති වන ජාතිවාදී කෝලාහලය කොතරම් දුරදිග යන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට හා බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සැපයීම පොලීසියෙන් කළා.

ඊළඟ නඩු දිනය පැවැත්වෙනවා නොවැම්බර් මස 26 වන දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී. පොලීසිය විසින් වාර්තා කරන ලද කරුණු අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් සියලු සාක්ෂි සටහන් කර ගැනීමටත් ඕනෑම පාර්ශ්වයක ඉදිරිපත් කර ඇති ලිපිලේඛනවල අනන්‍යතාවය තහවුරු කරගැනීමටත් 2025.11.26 දින දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකරන ලෙසටත් අධිකරණය විසින් කරුණු ඉදිරපත් කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවලා තියෙනවා. මෙහිදී හාමුදුරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ සිදුවීම පදනම් කරගෙන තමන්ගේ සිහින දේශපාලන මාවත විවර කරගන්න රජය ඉඩකඩ ලබාදෙන්නේ නෑ. මේක පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්න. රැස්වීමට සෙනඟ හදාගන්න. රැස්වීමට බස් දාගන්න බලාපොරොත්තු වෙන අයට රජය කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නෑ. මේ සිදුවීම්වලින් පටන් අරන් දැවැන්ත ලේ වැගිරීම් දක්වා අපි ඕන තරම් සිදුවීම්වලට රටක් විදියට මුහුණදීලා තියෙනවා. ඒ නිසයි බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේ. නැවත බුදුපිළිමය එතැන තැන්පත් කරලා තියෙනවා. නොවැම්බර් 26 අධිකරණය කටයුතු කරන ආකාරය ගැන රජය බලාගෙන ඉන්නවා."

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ 16 වනදා රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

කෙසේවෙතත් ඊයේ (17) දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.

එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණය කර තිබුණි.

16 වනදා උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.

නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැමිණ ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබුණි.

මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලීසිය 16 වනදා රාත්‍රියේ කටයුතු කර තිබේ.

ඒ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට එහිදී එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේය.

සිද්ධියෙන් තුවාල ලද බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් පසුව රෝහල්ගත වුණි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට ඊයේ පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් විරෝධය එල්ලවුණි.

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana